වොක්ස්වාගන් බොරු කළ බව හෙළි වෙයි

A worker cleans a 2012 Volkswagen 21st Century Beetle during the Johannesburg International Motor Show at Nasrec in Johannesburg October 6, 2011. REUTERS/Siphiwe Sibeko

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ශාලාවක්  පිහිටුවීමට යෝජිත ලොව මුල්පෙළේ මෝටර් රථ නිෂ්පාදනය කෙරෙන ජර්මනියේ වොක්ස්වගන් සමාගමට එරෙහිව පරිසර දුෂණ චෝදනා එල්ල වී තිබේ.

 කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වොක්ස්වගන් සමාගමේ කර්මාන්තශාලාවක් ඉඳිකරන බව ඉකුත් මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඡන්ද පොරොන්දුවක් ලබා දෙමින් කියා සිටියේ ඉන් රැකියා රැසක් උත්පාදනය කරන බවයි.

වොක්ස්වගන් නිෂ්පාදන පිළිබඳව එක්සත් ජනපදයේ කරනු ලැබූ තත්ත්ව පරීක්ෂාවකින් හෙළිදරව් වී ඇත්තේ පරිසර හිතකාමී බව පෙන්වන අසත්‍ය දත්ත ඉදිරිපත් කරමින් වොක්ස්වගන් සමාගම ලොව පුරා මෝටර් රථ ගැනුම්කරුවන් වංචනික ලෙස රවටා ඇති බවයි.

වොක්ස්වගන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මාර්ටින් වින්ටර්කොන්

වොක්ස්වගන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මාර්ටින් වින්ටර්කොන්

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීමට දැනටමත් ජර්මානු රජය කටයුතු අරඹා ඇත.

ජාත්‍යන්තර විරෝධය

අදාළ වංචාව පිළිබඳව වොක්ස්වගන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මාර්ටින් වින්ටර්කොන් ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි ජර්මානු නීතිවේදීන් ප්‍රකාශ කරනු ලැබුවේ.

වොක්ස්වගන් සමාගමේ නිෂ්පාදිත ඩිසල් වාහන මිලියන 11 කට සවි කර ඇත්තේ පරිසර දුෂණ තත්ව වාර්තා විකෘති කර පෙන්නුම් කරන උපකරණයි.

මේ හේතුවෙන් පැන නැගී ජාත්‍යන්තර විරෝධය හමුවේ ප්‍රධාන විධායක නිලධාරියා සමාගමෙන් ඉල්ලා අස්විය.

වින්ටර්කොන් ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ කාලයේදී පරිසර දූෂණ තත්ව පරීක්ෂණ වංචනික ලෙස ඉදිරිපත් කර ඇති බව අදාළ සමාගම පිළිගෙන ඇත.

කෙසේ වෙතත් හැට හතර හැවිරිදි මාර්ටින් වින්ටර්කොන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කියා සිටින්නේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

මෙම කූට උපකරණ සවි කළ මෝටර් රථ යළි නිවැරදි කිරීම වෙනුවෙන් පිළියම් යෙදීමට ඔක්තෝම්බර් 7 දක්වා කාලය ලබා දෙන බව ජර්මානු ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

Volkswagen Golf VII cars are pictured in a production line at the plant of German carmaker Volkswagen in Wolfsburg

බිලියන 18 ක දඩයක්

ඉකුත් වසර පුරා වොක්ස්වගන් නිෂ්පාදන වල තත්වය පිළිබඳව සිය කාර්ය මණ්ඩලයෙන් හා ගනුදෙනු කරුවන්ගෙන් ලැබුණු පැමිණිලි එතරම් සැලකිල්ලකට ගෙන නොමැති බවයි ජර්මානු මාධ්‍ය පසුගිය දා හෙළිදරව් කර තිබුණේ.

මෙම  අපකීර්තිමත් වංචාව නිරාවරණය වීම මගින් අදාළ සමාගමට ස්ටර්ලින් පවුම් බිලියන 18 ක දඩයකට යටත් වීමට සිදු වී ඇති අතර, කොටස් වෙළඳ පොළ බිඳ වැටීමේ අවදානමක් ද ඇතිව තිබේ.

මේ අතර වොක්ස්වගන් සමාගමේ  සියළු නිෂ්පාදන සිය රට තුළ අළෙවිය තහනම්  කිරීමට ස්විස්ටර්ලන්ත රජය තීරණය කර ඇත.

එරට බලධාරීන් පවසන්නේ මෙම තත්වය ඩිසල් එන්ජින් සහිත වාහන එක් ලක්ෂ අසූ දාහකට බලපාන අතර මෙම තහනම දැනට භාවිතයේ ඇති වොක්ස්වගන් නිෂ්පාදන සඳහා බල නොපාන බවයි.

 

Related posts

Comments are closed.

Top