හෙළ වදන සුසර කළ අමර සඳ බැස යයි | VIDEO

Amaradeva Funeral pyre

මොරටුව කොරළවැල්ලේ වඩු කම්කරු නිවසක අසූ අට අවුරුද්දකට ඉහත උපන් වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා කොළඹ කුරුඳුවත්තේ නිදහස් චතුරශ්‍රයේ රාජ්‍ය ගෞරව මැද අමරදේව ලෙසින් අවසන් ගමන් ගියේය.

‘භාෂාවේ ඇති ජීව ගුණය, ධ්වනිපූර්ණ බව හරහා උද්දීපනය වන සම්භාව්‍ය සාහිත්‍ය ලක්ෂණ ද, සංගීතය ඇසුරෙහි බිහිවන විචිත්‍ර නාද මාධූර්යය ද, එකට එක් තැන් කළ ලංකාවේ අද්විතීය නිර්මාණකරුවා’ යනුවෙන්  මහාචාර්ය සුචරිත ගම්ලතුන් වෙතින් සම්භාවනාවට පත් පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය රැගත් චිතකයට 2016 නොවැම්බර් පස් වැනිදා මළහිරු බසිනා සැන්දෑ යාමයේ ගිනි තබන ලදී.

 

Related posts

Comments are closed.

Top