කර්ණාටක සංගීතවේදී බාලමුරලික්‍රිෂ්ණා දිවි මියැසිය හැරයයි

Balamuralikrishna

පෙර’පර දෙදිග සම්මාන පූජිත කර්ණාටක සංගීත සම්ප්‍රදායානුකුල ශාස්ත්‍රීය සංගීතයේ පාරප්‍රාප්ත දකුණු ඉන්දීය ගාන්ධර්ව මංගලම්පිල්ලෙයි බාලමුරලික්‍රිෂ්ණා දිවිය හැරගොසිනි.

චෙන්නායි හි මියයනවිට අසූ අටවැනි වියේ පසුවූ ඔහු ගායනයෙහි මෙන්ම වයලීන වාදනයෙහිද සමතකු විය.

ආචාර්ය බාලමුරලික්‍රිෂ්ණා ඉන්දීය රජයෙන් පද්ම විභූෂණ සම්මානයෙන් මෙන්ම ප්‍රංශ රජයෙන් චෙවලියර් ගෞරව නාමයෙන්ද පුද ලද්දේය.

දෙමළ සිනමාව මෙන්ම කන්නඩ හා තෙලුගු සිනමාවද ඔහුගේ ගායනයෙන් සහ සංගීතයෙන් රස ගැන්වී තිබේ. 

Comments are closed.

Top