විද්‍යාපීඨ සිසුන්ගෙන් ‘විදුරඟසොබා’

9c9445c0762d59cc21269e86018d1c66_L

 

දිවයින පුරා පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන් එකට එක් කරමින් ‘සංස්කෘතිය තුළින් සංහිඳියාව’ ‍තේමාව යටතේ සංවිධානය කරන ලද විදුරඟ සොබා සංස්කෘතික කල එළිදැක්ම පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

විද්‍යාපීඨ 19ක සිසුන් 1,700ක් එකට එක්කරමින් ඔවුන්ගේ ගීත නර්තන, රංගන හා නාට්‍ය කුසලතා එළිදැක්වුණු විදුරඟ සොබා ප්‍රසංගය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් බව රජය පවසයි.

එම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් , ජර්මානු තානාපති ජෝන් රෝඩි, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි , ජාතික විද්‍යාපීඨ කොමසාරිස්වරයා ඇතුළු  පිරිසක් සහභාගී වී ඇත.

Related posts

Comments are closed.

Top