ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 47834ක්

The-mosquito-2

 

මේ වසරේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 47834ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 49.48ක් පමණ වාර්තා වී ඇත්තේ  බස්නාහිර පළාතෙනි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ වර්ෂයේ  29 වන සතිය තුළදී බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Related posts

Comments are closed.

Top