අගමැති තීරණය කොටස් වෙළඳපොල කළඹයි

රජයට අයත් ලංකා බැංකුව සතුව තිබු සෙලාන් බැංකුවේ කොටස් වලින් 7% ක ප්‍රමාණයක් විදේශ සමාගමකට විකිණීමේ ගනුදෙනුවක් අක්‍රිය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණය නිසා ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල කැළඹීමකට පත්ව ඇති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු සඳහා මෙසේ රජය මැදිහත්වීම එහි ආයෝජනයට පැමිණෙන විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය පලුදුවීමට හේතුවක් වීමට හැකි බවට ඔවුහු අනතුරු අඟවයි.

ලංකා බැංකුව සතුව තිබු රුපියල් බිලියන 1.3 ක් ( ඇමෙරිකානු ඩොලර් මිලියන 8.7) වටිනා කොටස් ප්‍රමාණයක් ජේ .බි සෙකියුරිටිස් තැරැවිකාර සමාගම හරහා විදේශ ආයෝජන සමාගමකට විකිනීමට පසුගිය සිකුරාදා (16) පියවර ගෙන තිබුණි.

අදාල ගනුදෙනුව විධිමත්ව සිදු නොකිරීම සහ ඊට ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ගෙන නොතිබීම යන කරුණු හේතුකොටගෙන අදාල ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නියෝගයක් සඳුදා (19) කළේය .

සෙලාන් බැංකුවේ කොටසක් රුපියල් 100 බැඟින් අලෙවි කර ඇති අතර එදින කොටස් වෙළඳපොලේ සෙලාන් බැංකුවේ කොටසකට හිමිව තිබු අගයට වඩා 17.6 වැඩි මුලික අගයක් සහිතව අලෙවි කර තිබේ. එසේම සෙලාන් බැංකුවේ කොටසක අගය 5.5% කින් ඉහල අගයක් ද ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරන්නේ අදාල අවිධිමත් ගනුදෙනුව අවලන්දු කිරීම පමණක් නොව සිදු කළ ආකාරය පිළිබඳව සහ ඊට එක්ව ඇති පුද්ගලයන් පිළිබඳව පරික්ෂණයක් සිදුකර වදකිව යුත්තන්ට එරෙහිව ක්‍රියා කරන බවයි.

මෙම කොටස් මිලදී ගත සමාගම ජපන් සමාගමක් වන බවත් අදාළ ආයෝජන මුදල් සිංගප්පුරුව හරහා මෙරටට පැමිණ ඇතිබවත් විශ්වාස කෙරේ.

ගනුදෙනුව සම්බන්ධයෙන් අදාල ගනුදෙනුවේ තැරැව්කාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මුර්තසා ජැෆර්ජි ප්‍රකාශ කරන්නේ ගනුදෙනුව අවලංගු කිරීම පිළිබඳව තවත් පැහැදිලිකිරීමක් අපේක්ෂාවෙන් පසුවන බවයි. 

Related posts

Comments are closed.

Top