ජයලලිතාගේ මරණය දෙමළ ජනතාවට සැකයි – සසිකලා පුෂ්පා

තමිල්නාඩු හිටපු මහ ඇමතිනි ජේ ජයලලිතාගේ මරණය ට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නව නායිකා මෙන්ම ජයලලිතාගේ සමීපතම හිතවතියක් වූ සසිකලා නටරාජන් සහ අගේ පවුලේ උදවියගේ සම්බන්ධතාවයක් ඇති බවට දෙමල ජනතාව සැක කරන බව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයෙන් නෙරපන ලද මන්ත්‍රිනී සසිකලා පුෂ්පා ප්‍රකාශ කරයි.

ඇය මෙම ප්‍රකාශය සිදුකළේ තමිල්නාඩු හිටපු මහ ඇමතිනි ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් දින දෙකකට පසුවයි.

මේ පිළිබඳව පරක්ෂණ පවත්වන කණ්ඩායම් ජයලිතා රෝහල් ගත කල දිනයේ පටන් ඇය මරුමුවට පත්වුණු බවට ප්‍රකාශ කළ දිනය දක්වා වූ සිදුවීම් පිළිබඳව අවධානය කළ යුතු බවට පවසන සසිකලා පුෂ්පා, ජයලලිතාට යුක්තිය ඉටුවිය යුතු බවට අවධාරණය කරයි. 

Related posts

Comments are closed.

Top