සන්හිල් ව්‍යාපාර සමුහය රිදී ජුබිලිය සමරයි| VIDEO

 

 

වර්ෂ 1992 ජනවාරි 16 වැනි දා සිය ව්‍යාපාර කටයුතු ඇරඹු සන්හිල් ව්‍යාපාර සමුහය ලබන වසරේ ජනවාරි 16 වැනිදාට යෙදී ඇති සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

1992 වසරේ නුවර එළියේ දී කාමර 20 කින් සන්හිල් හෝටලය ආරම්භ කරමින් සිය ව්‍යාපාර සමුහයේ මුලාරම්භය සනිටුහන් කළ සනිහිල් සමුහය සහ එහි සභාපති කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ නායකත්වය යටතේ මේ වන විට එය හෝටල් හයක් දක්වා වැඩි දියුණු කර ඇත.

එම හෝටල් නුවර එළිය, කටුනායක, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්ස, සහ පාසිකුඩා ප්‍රෙද්ශවල පිහිටා තිබේ.

මීට අමතරව සන්හිල් ව්‍යාපාර සමුහය වාහන, දේපළ වෙළෙදාම් ඇතුලු ශ්‍රී ලංකාව පුරා විසිරුණු ව්‍යාපාර 19 ක් දක්වා ව්‍යාප්ත කර ඇත.

සන්හිල් ව්‍යාපාර සමුහය මේ වසරේදී අභ්‍යන්තර ගුවන් සේවා ව්‍යාපාරයක්ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එහි අධ්‍යක්ෂ දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා පවසයි.

සිය ව්‍යාපාර සමුහයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් සේවක ඇගයීම්, සමරු තිළිණ සහ විශේෂ ත්‍යාග තම සේවක මණ්ඩලයට පිරිනැමීමට කටයුතු සුදානම් කර තිබෙන බව දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා පැවසුයේ සිය විසිපස්වන සංවත්සරය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා 20 අඟහරුවාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. 

Related posts

Comments are closed.

Top