ආයතනය ස්වාධීන කිරීමට මහබැංකු අධිපතිට පුර්ණ සහය ලබා දිය යුතුයි -රසීන් සාලි


ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමට හා නියාමන වංචා අවසන් කිරීමට මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගන්නා උත්සාහයට සහයෝගය ලබාදිය යුතු බව ඉහල පෙලේ ආර්ථික විද්‍යාඥයෙක් සහ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රාජ්‍ය ප්‍රතිපත්ති පාසලේ කථිකාචාර්ය රසීන් සාලි ප්‍රකාශ කරයි.

“ශ්‍රී ලංකා රජය කරනු ලැබූ හොඳම ජ්‍යෙෂ්ඨතම පත්වීම තමයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති බවට පත්කිරීම. ඔහු මෙම කාර්යය සඳහා සුදුසුම පුද්ගලයායි‍. ඔහු ඉතා පවිත්‍ර හොඳ විශ්වාසය සතු තැනැත්තෙක් . ශ්‍රී ලංකාවේ අව්‍යාජ ස්වාධීන ආයතන ඇතිවීම දැකීමට කැමති පුද්ගලයන් ඔහුට උපරිම සහය ලබා දිය යුතුයි”රසීන් සාලි ප්‍රකාශ කළේ කොළඹ දී පැවති විශේෂ ආර්ථික සමුළුවකට එක්වෙමිනි.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකා මහා බැංකුවේ විශ්වසනීයත්වය සහ අවංකභාවය නැවත ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් මුල්‍ය ප්‍රතිපත්ති, මිල ස්ථාවරත්වය , නියාමන පනත නිරවුල් කිරීම වැනි මුලික අරමුණු කිහිපයක් වෙත අවධානය යොමුකර ඇති බවත් රසීන් සාලි ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිය බැනනුවන්ගේ සමාගම සමඟ වංචනික ක්‍රියාවකට හවුල් බවට චෝදනා ලැබූ අර්ජුන මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත්කොට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත්කරනු ලැබුයේ 2016 ජුලි මාසයේ දීයි.

” පසුගිය වසර 10 තුල දී ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි දේශපාලනීකරණය වී තිබේ. අස්ථාවරව තිබු මුල්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දැක්වීම පිණිස වැඩි වශයෙන් මුදල් මුද්‍රණය , පොලී අනුපාත කෘතිමව පහල දමමින් කටයුතු කර ඇත ” යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළ රසීන් සාලි නියාමනයන් උල්ලංඝනය කිරීම් විශේෂයෙන් ප්‍රාථමික බැඳුම්කර නිකුතුවේ දී අක්‍රමිකතාවයන් සිදුවී ඇති බව පෙන්වා දී තිබේ. 

Comments are closed.

Top