හවුල් ආණ්ඩුවේ දෙවන සැමරුමට ආන්ද්‍රා මහ ඇමතිට ජනපති ඇරයුම්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවා ඇති හවුල් ආණ්ඩුවේ දෙවන සංවත්සරයේ විශේෂ ආරාධිතයෙක් ලෙස පැමිණීමට අන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති එන්. චන්ද්‍රබාබු නායිදු වෙත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇරයුම් කර ඇතිබව ඉන්දියාවේ ‘ ද හින්දු ‘ පුවත්පත වාර්තා කරයි.
.
චන්ද්‍රබාබු නායිදු විසින් දුප්පත්කම දුරලීම සඳහා ‘ දුප්පත්කමට එරෙහිව සටන් වැදීම සහ ජන ජීවිතයට නව්‍යකරණය ලඟා කිරීම ” ලෙසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් අගයමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගේ ලේකම්වරයා මඟින් යොමුකළ ලිපියකින් මෙම ඇරයුම සිදුකර තිබේ.

විද්‍යාව, තාක්ෂණය සහ නව්‍යකරණය සඳහා මුලිකත්වය දෙමින් දුප්පත්කම පිටු දැකීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් 2017 වසරේදී දියත්කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු සම්පාදනය කර තිබේ.

එම වැඩසටහනේ දී ‘සැමට සෞභාග්‍යය ‘ යන තේමාව ඔස්සේ ප්‍රධාන දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමතිවරයාට ඇරයුම් කර තිබේ.

හවුල් ආණ්ඩුවේ ප්‍රථම සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් හිටපු බටහිර බෙන්ගාල ආණ්ඩුකාර ගොපික්‍රිශ්නා ගාන්ධි පැමිණියේය. 

Related posts

Comments are closed.

Top