ශ්‍රී ලංකාවෙන් තවත් අසාර්ථක ආරම්භයක්

දකුණු අප්‍රිකානු සංචාරයේ තවත් අසාර්ථක ආරම්භයකට මුල පිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුව තිබේ.

ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා ප්‍රථම ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු110කට සීමාවීමත් සමඟයි.

දෙවන ඉනිමේ ක්‍රීඩාකරන දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 35ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට වඩා කඩුලු 10ක් අතැතිව ලකුණු 317ක් ඉදිරියෙන් සිටියි.

දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 392ක් රැස්කළේය. 

Related posts

Comments are closed.

Top