2017 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5.5% -6%


2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5.5% -6% අතර ප්‍රමාණයක් ගනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

එය 2016 වසරට වඩා 4.5% ක් වූ අගයට වඩා වැඩි අගයක් වන නමුදු අපේක්ෂිත ඇස්තමේන්තු අගයට බදා අඩු අගයක් වේ . එයට හේතු ලෙස ලෝකයේ පවතින ආර්ථික වාතාවරණය හේතුවන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අඟහරුවාදා (03) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

2016 වසරේ ආර්ථික වර්ධන වේගය 5% ක් අපේක්ෂා කලද වාර්තාවී ඇත්තේ 4.5% ක ප්‍රමාණයකි. එසේම 2017 වසර සඳහා අපේක්ෂිත අගය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය නොවැම්බරයේ දක්වා තිබුනේ 6.3% ක අගයකි.

එළඹෙන වසර තුල දී මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ඇති බව පෙන්වා දුන් මහා බැංකු අධිපතිවරයා බ්‍රිතාන්‍යය යුරෝපයෙන් වෙන්වීම, නිමවූ එක්සත් ජනපද ජනාධිපතිවරණය, ඇමෙරිකානු සංචිත වල පොලිය ඉහල යාම , ඉදිරියේදී එළඹෙන ජර්මානු සහ ප්‍රංශ මැතිවරණ, චීන ආර්ථිකයේ වර්ධනය අඩුවීම වැනි ගෝලීය ප්‍රවනතවයන්ගේ බලපෑමද එක්විය හැකි බවට අනතුරු ඇගවීය.

එසේම ඉන්දියාව, ජපානය, රුසියාව, හා මැද ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් ආර්ථික තත්වයන්,ද දේශීය ආර්ථිකය මත සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය

2016 සඳහා නිල දල දේශීය නිෂ්පාදන අගය රජයේ ජන සහ සංඛාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාර්තු 15, විසින් නිකුත් කරනු ඇත. 

Related posts

Comments are closed.

Top