චීනය ලන්ඩනයට භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිටත් කරයි

යුරෝපය සමග වෙළඳ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් ලන්ඩන් නුවර දක්වා ඍජු දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට චීනය පියවර ගෙන තිබේ.

යුරෝපය සමඟ වෙළඳ සම්න්ධතා වර්ධනය කරගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් තුල දැඩි උනන්දුවක් ඇතිවීමේ ප්‍රතිපලයක් ලෙසින් මෙය ක්‍රියාවට නැංවි තිබේ.

පළමු දුම්රිය ජනවාරි 1 දා නැගෙනහිර ෂේජියෑං පළාතේ යුවී ප්‍රදේශයෙන් පිටත්ව කිලෝමීටර 12,000 කට අධික (සැතපුම් 7500) දුරක් ගෙවමින් දින 18 ක් පමණ දී ලන්ඩන් නුවරට ලඟා වීමට නියමිතව ඇත.

මෙම දුම්රියේ ඇඟලුම්, බෑග් සහ අනෙකුත් භාණ්ඩ ඇති බවත් එය කසකස්තානය, රුසියාව, බෙලරුස්, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප්‍රංශය හරහා ගමන් කරනු ඇති බව චීන දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

නව සේවාවේ ආරම්භයත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් 2013 වසරේ දියත් කරන ලද නව ජාත්‍යන්තර දුම්රිය මාර්ග සැලැස්ම අනුව චීනයේ සිට ඍජු ගමනාන්ත සහිත 15වන නගරය බවට ලන්ඩනය පත්වේ.

ආසියාව, අප්‍රිකාව , මැද පෙරදිග හා යුරෝපා වෙළඳපොල වර්ධනය කිරීම සඳහා මෙම සැලැස්ම මඟින් ප්‍රවාහන සම්බන්දතා ගොඩ නැගෙනු ඇත.

එපමණක් නොව මෙම දුම්රිය ඔස්සේ කෙටිකාලයකදී බහාලුම් 200ක් ප්‍රවාහන කල හැකි වන අතර එය නෞකා මඟින් ප්‍රවාහන කරනු ලබන කාලසීමාවට වඩා අඩු කාලයක් වීම නිසා දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ජනප්‍රිය වීමට වැඩි හේතු සපයනු ඇත. 

Related posts

Comments are closed.

Top