ජයසුරියගේ ඉවත්වීමේ තීරණය අරවින්ද නිසාලු

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධුරයෙන් ඉවත්වීමට සනත් ජයසුරිය තීරණය කර තිබෙන්නේ අරවින්ද ද සිල්වාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු තේරීම් වලට දිගින් දිගටම බලපෑම් කිරීම නිසා තේරීම් කමිටු සභාපතිධුරයෙන් ඉවත්වන්නට සනත් ජයසුරිය සුදානම් විය.

එසේ සනත් ජයසුරියට බලපෑම් කර ඇත්තේ අරවින්ද බව මේ වනවිට තහවරුවී ඇති අතර හෙතෙම මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනු ලබයි.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙක් ලෙසද කටයුතු කළේය.

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් පසු සනත් ජයසුරිය තවදුරටත් සිය තනතුරේ කටයුතු කිරීමට එකග වී තිබේ. 

Related posts

Comments are closed.

Top