දෙවන තරගයත් දිනමින් දකුණු අප්‍රිකානුවෝ ටෙස්ට් තරගාවලිය දිනති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 282කින් පරාජයට පත්විය. ලකුණු 507ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 507ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රි ලංකා කණඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු හතරක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටියේය .

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 377ක් අවශ්‍ය වන අතර ඔවුන් සතුව ඇත්තේ කඩුලු 6ක් පමණි.

ප්‍රථම ඉනිමේ පරිදිම ශ්‍රී ලංකා ඉදිරිපෙළ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අසරණ වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ දොරකඩට කැඳවමිනි.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ට ලකුණු 224ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවුහ.

ඔවුන් පළමු ඉනිමට ලකුණු 392ක් රැස්කළේය.

එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.

මෙම ජයත් සමඟම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය  තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව  තමන් සතු කර ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 12දා ජොහැන්නස්බර්ග්හිදි ආරම්භවීමට නියමිතය 

Related posts

Comments are closed.

Top