තෛපොංගල් දින සැමරුම් උත්සවයක් කෑගල්ලේ දී

 

2017 වර්ෂයේ තෛපොංගල් දින සැමරුම් උත්සවයක් ජනවාරි මස 11 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරියගේ මගපෙන්වීම යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

තෛපොංගල් උත්සවයට අදාළ සියළු චාරිත්‍ර වාරිත්‍ර විධි සියල්ල එදින සිදුකිරීමට නියමිතව ඇත.

එම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දමිළ ප්‍රජාවද ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වීමට නියමිත බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top