පාපන්දු කණ්ඩායමට එල්ල වූයේ අන්තවාදී ප්‍රහාරයක් දැයි විමර්ශන| VIDEO

 

බොරුසියා ඩොර්ට්මුන්ඩ් පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදී සම්බන්ධතාවයක් තිබේ දැයි ජර්මන් පොලිසිය විමර්ශන පවත්වන බව එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.

පිපිරුම සිදු වූ ස්ථානය අසල තිබී හමු වූ ලිපියක බර්ලින් නත්තල් වෙළඳපොළ ප්‍රහාරය සහ සිරියාවේ සිදුවන හමුදා මෙහෙයුම් පිළිබඳව සඳහන් කර තිබේ.

නමුත් මෙම ලිපිය අව්‍යාජ එකක් දැයි තවම පැහැදිලි වී නැත.

මීට පෙර බර්ලින් නුවර සිදු වූ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් බාරගෙන තිබුණි.

ක්‍රීඩක මර්ක් බර්ත්‍රාගේ අතේ මැණික් කටුවෙහි අස්ථි බිඳී යෑමක් හේතුවෙන් සැත්කමකට මුහුණ දීමට සිදුව ඇත. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට අනතුරක් සිදු වූ බවට වාර්තා නොවේ.

එරට වේලාවෙන් 12 බදාදා පස්වරු 7ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ජර්මනියේ පැවැත්වෙන චැම්පියන් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයකට සහභාගි වීමට යමින් සිටියදී ඔවුන් මෙම ප්‍රහාරයට ලක් වී තිබේ.

Related posts

Comments are closed.

Top