ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 69380ක්

මේ වර්ෂයේ ගත වූ මාස‍ 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  69380 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.26%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  20 වන සතිය තුළදී බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්  බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top