‘කළු හමින් උපන්’ සිතුවම් සමගින් ජයමිණි බ්‍රිතාන්‍යයේ | VIDEO

 

දකුණු ආසියාවේ ජනතාවට ආවේණික වුවත් වැඩි පිළිගැනීමක් නැතිව අගතියට මුහුණ දෙන කාලවර්ණ චර්ම වර්ණය සම්බන්ධ කතිකාව වර්ණවත් කරන චිත්‍ර ප්‍රදර්ශනයක් ඊසාන දිග එංගලන්තයේ නිව්කාසල් සරසවි පුරයේ පැවැත්වේ.

‘පීපල්ස් තියටර්’ කලාගාරයේ සැප්තැම්බර් 7 වැනිදා එලි දුටු ජයමිණි ද සිල්වාගේ කළු හමින් උපන් (Born with a Darker Tan) ඔක්තෝබර් 27 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතය.

“දාස් ගණන් වියදම් කර හැම සුදු පාට කරගන්න හදන” රටක කාන්තාවන්ට මුහුණ දීමට සිදුවී ඇති ගැටලුව තම සිතුවම් ඔස්සේ විවරණය කෙරෙන බව ජයමිණි ගගන හා කතාබහට එක්වෙමින් පැවසුවාය.

චීනයේ බෙයිජිං නුවර මධ්‍යම ලලිතකලා ශාස්ත්‍රාලයේ චීන සම්ප්‍රදායික චිත්‍ර කලාව සහ චාරුලේඛනය සඳහා ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක් හිමිකරගත් ජයමිණි, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ ද  කැළණිය සෞන්දර්ය පීඨයේ ද කථිකාචාර්යවරියක් ලෙසින් සේවය කර ඇත්තීය.

නොදම්බ්රියා සරසවියේ ලලිත කලා සංරක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා පැමිණි ඇය නිව්කාසල් නුවර නිවහන කොටගෙන සිටින්නීය.

 

Related posts

Comments are closed.

Top