නාට්‍ය විචාරය- වාර්තා චිත්‍රපටය හා සංවාදය 26 දා කොළඹදී

 

නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වු “කොළඹ නාට්‍ය කතිකාව” විසින් “නාට්‍ය විචාරය- වාර්තා චිත්‍රපටය හා සංවාදය” යනුවෙන් සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.

එය සැප්තැම්බර් මස 26 දින සවස 5 ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සංවාදය මෙහෙයවීම එම්.සෆීර් සහ වරුණ අලහකෝන් විසින් සිදු කරන බව සංවිධායකයෝ පවසති.

නාට්‍ය විද්‍යාර්ථයන්, අධ්‍යක්ෂවරුන්, රචකයන්, නලු නිළියන්, විචාරකයන්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා කළමනාකරණකරුවන්, සිසුන් සහ ප්‍රේක්ෂකයන් යනාදී සියලු දෙනා එක් අවකාශයකට එක්වී නාට්‍ය කලාවේ නිම් වළලු පුලුල් කිරීම සදහා මෙම කතිකාව සංවිධානය කරන බව කොළඹ නාට්‍ය කථිකාව පවසයි.

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නම් වු නාට්‍ය කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය සම්බන්ධ සංවාද මාලාව පසුගිය ජුලි මස සිට යළි ආරම්භ කර පවත්වා තිබේ.

මෙම කතිකාව සෑම මසකම අවසන් අගහරුවාදා සවස 5 සිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වේ.

නාට්‍ය කතිකාව සදහා නාට්‍ය කලාවට අදාල වීඩියෝ පට ප්‍රදර්ශනය කෙරෙන අතර පසුව සංවාදය පැවැත්වේ.

ඉදිරි මාසික සංවාද

ඹත්තෝබර්  –  නාට්‍ය අර්ථ කථනය

නොවැම්බර්  –  රංගාලෝකය

දෙසැම්බර්  –  ජර්මන් ළමා හා යොවුන් නාට්‍ය 2

Related posts

Comments are closed.

Top