උද්ධමනයට හේතු මහ බැංකු අධිපති පැහැදිලි කරයි

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ භාණ්‌ඩ මිල ගණන් ඉහළ යාම , රජය මඟින් වැට්‌ බද්ද වැඩිකිරීම වැනි කරුණු හේතුවෙන්
ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වනවිට ඉහල අගයක් ගෙන ඇති බව මහ බැංකු බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

” දැන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ භාණ්‌ඩ මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. එසේම මුදල් අමාත්‍යාංශය වැට්‌ බද්ද වැඩි කළා. ඒකෙ ලොකු බලපෑමක්‌ තිබෙනවා. ඒ හේතු උද්ධමනය ඉහළ යැමට හේතුවක්‌ වූ බවද වැට්‌ බදු වැඩි කිරීම මහ බැංකුව කළ දෙයක්‌ නොව, මුදල් අමාත්‍යාංශය විසින් කළ දෙයක්‌ ”

මීට අමතරව ගං වතුර සහ නියං තත්ත්වයන් නිසාද කෘෂි ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගිය බව මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය

තෙල් මිල ගණන් අඩුවීම සහ ජාත්‍යන්තර භාණ්‌ඩ මිල ගණන් අඩුවීම නිසා මේ වසර මුලදී උද්ධමනය අඩුවීමට ප්‍රධාන හේතුවූ බවද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.

කෙසේවෙතත් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් මහ බැංකුවේ සිටින අදක්‍ෂ හොරු නිසා උද්ධමනය අඩුකර ගැනීමට නොහැකි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබුණි. 

Related posts

Comments are closed.

Top