ධවල භීෂණ ඔක්තෝබර් 1 පුංචි තියටර් හිදී

ප්‍රංශ නාට්‍ය රචක යාන් පෝල් සාත්‍රෙ විසින් රචිත “Men Without Shadows” නාට්‍යයේ සිංහල අනුවර්තනයක් වන “ධවල භීෂණ” නාට්‍යයේ විශේෂ දර්ශනයක් කොළඹ දී වේදිකාගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

ත්‍රිකෝණි සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිනිස එය 2017 ඔක්තෝබර් මස 1 දා සවස 3.00 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල්, මාලනී පුංචි තියටර් නාට්‍ය ශාලාවේදී වේදිකාගත වීමට නියමිතව ඇත.

සිරිල් සී පෙරේරාගේ පරිවර්තනයක් ලෙස ධර්මසිරි බණ්ඩාරනායක විසින් දහනම වසරකට ඉහතදී මුල්වරට අධ්‍යක්ෂණය කරනු ලැබූ “ධවල භිෂණ” නාට්‍යයේ සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාස විසිනි.

 

 

1990 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලින් ධවල භිෂණ වසරේ හොදම නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ හොදම නිළිය, වසරේ හොදම සහාය නලුවා, හොදම වේදිකා නිර්මාණය, හොදම වේදිකා ආලෝක නිර්මාණය, හොදම වේදිකා පරිපාලනය ඇතුඵ රාජ්‍ය සම්මාන නමයක් දිනා තිබේ.

1998 සැප්තැම්බර් මස 27, 28 කොළඹ ලයනල් වෙන්ට් රංග ශාලාවේදී ප්‍රථම වරට වේදිකාගත කළ “ධවල භිෂණ” නාට්‍යයේ සියලු ප්‍රදර්ශන කටයුතු එවකට ලාංකීය සමාජයේ පැවැති භීෂණ තත්වය නිසා අත්හිටුවීමට සිදුව ඇත.

එය නැවත 1991 දී මහජන ප්‍රදර්ශනයට රැගෙන එන අතර එතැන් සිට 2017 වසර දක්වා නාට්‍ය දර්ශනවාර 1600 ක් පමණ පවත්වා තිබේ.

මිනිසුන් ලෙසින් ඉපිද, මිනිසුන් ලෙසින් මියැදෙන්නට මිනිසුන්ට ඇති අයිතිය ගරු කරන, ඒ වෙනුවෙන් හඩ නගන , උතුම් මිනිසුන්ට ප්‍රනාමය පිණිස මෙම නාට්‍ය යළි නිෂ්පාදනය කළ බව සම්මානනීය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක පවසයි. 

Related posts

Comments are closed.

Top