වෙරළ පවිත්‍රතා ජාතික සතියට පෝට්‌ සිටි ව්‍යාපෘති සමාගමේ අනුග්‍රහය

දිවයින පුරා වෙරළාශ්‍රිත දිස්‌ත්‍රික්‌ක 14 ක ස්‌ථාන 72 ක්‌ ආවරණය වන පරිදි සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ හා වෙරළ සංරක්‌ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ වෙරළ පවිත්‍රතා ජාතික සතිය වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණි

මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන CHEC පෝට්‌ සිටි කලම්බු (පුද්ගලික) සමාගම රුපියල් මිලියනයක මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ

වෙරළ පවිත්‍රතා ජාතික දින සමාරම්භක උත්සවය සඳහා බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ පෙරේරා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි එක්ව සිටියහ.

එසේම වෙරළ සංරක්‌ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂක ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පොලිස්‌පති පූජිත් ජයසුන්දර, CHEC පෝට්‌ සිටි කලම්බු (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂක ජියැං හවුලියැං යන ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වූහ. 

Related posts

Comments are closed.

Top