දූෂණ විරෝධී ඒකකයට කැඳවීමක් නැහැ. -සනත් ජසුරිය කතා කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා කැඳවා ඇති බවට පලවුන වාර්තා විය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමට සනත් ජයසුරිය සම්බන්ධ කරගැනීමට ‘ගගන’ සමත් වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ එවැනි කැඳවීමක් නැති බවයි. නමුත් එවැනි කැඳවීමක් ලැබුනහොත් තමන් සහභාගී වන බවද හෙතෙම ප්‍රකාශ කළේය .

පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සහ තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් ඔස්සේ කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවිය. . ප්‍රමෝදය වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්දයෙන් තමන් පරීක්ෂණයක් පවත්වන්නේ නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මීට පෙර නිවේදනය කර තිබුණි.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණ විමර්ශනයක්‌ කළ අතර එහිදී ද සනත් ජයසුරියගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබුණි.

මීට අමතරව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්‌, ලසිත් මාලිංග ගෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් වන ඈෂ්ලි ද සිල්වා, මොහාන් ද සිල්වා යන අයගෙන් ද එම සාමාජිකයන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

Related posts

Comments are closed.

Top