ව්‍යවස්ථාව ගැන ජනසංවාදය රජයේ වගකීමයි: රාජිත දිසානායක| VIDEO

 

විධායක ජනාධිපතිධුරය අහෝසි කර නව මැතිවරණ ක්‍රමයක් සහිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම කඩිනම් කළ යුතු බව සම්මානලාභී නාට්‍ය වේදියෙක් පවසයි.

රටේ සියලු පුරවැසියන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි ආරක්ෂාව සැලසෙන නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම වෙනුවෙන් කඩිනමින්  ක්‍රියා කිරීම රජයක වගකීමක් බවයි නාට්‍යවේදී රාජිත දිසානායක පෙන්වා දෙන්නේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂවාදීන් රටේ  විරෝධතා,  සැක සංකා ඇති කිරීම ගැන ඔහු පලකරන්නේ  කණගාටුවකි.

 

නව ව්‍යස්ථාවක් යනු කිසියම් පිරිසකට හෝ කිසියම් පක්ෂයකට වාසි ගෙන දෙන්නක් නොවන බව පෙන්වා දෙන නාට්‍යවේදියා අවධාරණය කරන්නේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නේ සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් බවයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජන සමාජය තුළ දැනුවත් බවක් ඇති කිරීම ඉතා වැදගත් බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

ඒ වෙනුවෙන් ජනමාධ්‍ය මගින් මෙන්ම හැකි සෑම අයුරකින්ම පුලුල් සංවාදයක් ඇති කිරීම රජයේ වගකීමක් බව රාජිත දිසානායක අවධාරණය කරයි.

 

Related posts

Comments are closed.

Top