නාමල් ඇතුළු 7ක් රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබාදීමට හම්බන්තොට පොලිසියට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකු මේ මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගියදා මෙරට සම්පත් විකිණීමට එරෙහි ව හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන අය හම්බන්තොට පොලිසියට කැඳවා තිබුණි.

එම ප්‍රකාශයක් ලබා දීමට ගිය නාමල් රාජපක්ෂ සහ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනාද පොලීසිය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔවුන් ඇතුළු 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හටද  හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න ට ද ඊයේ (10) දිනයේ හම්බන්තොට පොලීසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුණි. ඔවුන් සියල්ලන් ඊයේ (10) දිනයේ පොලීසිය හමුවේ පෙනී සිිටි අතර පසුවරුවේ ඔවුන් ද අත්අඩංගුවට ගත්තේය. 

Related posts

Comments are closed.

Top