නිදහස් කළ එල්ටීටීඊ සැකකරුවන්ගෙන් “අපරාධ සිදුවී නෑ” | VIDEO

ත්‍රස්තවාදය වැළක්විමේ පනත යටතේ රඳවා ගෙන සිට සමාව දී නිදහස් කරන ලද උතුරේ කිසිවකු මෙතෙක් අපරාධ වලට සම්බන්ධ වී නොමැති බව රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් පවසයි.

එහෙත් නඩු වලට මුහුණ දී නිදහස් වු දකුණේ අය නැවත ප්‍රචණ්ඩ ක්‍රීයා වලට යොමුව ඇති බව පවසන සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න එසේ ජවිපෙ කැරැල්ලට සම්බන්ධ වී සිට නිදහස් වු ප්‍රද්ගලයින් ජවිපෙට එරෙහිව මතවාදය ගොඩ නංවා දෙවැනි කැරැල්ල නිර්මාණය කළ බව ප්‍රකාශ කළේය.

නිතීමය ගැටලු ඇති රැඳවියන් හට නඩු දැමීය යුතු බව මෙන්ම චෝදනා නොමැති පුද්ගලයන් නිදහස් කළ යුතු බවට ඇමැතිවරයා අවධාරණය කර සිටියේ 11 බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

වසර ගණනක් සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට හිටපු ජනාධිපති ප්‍රමුඛ සිංහල ජාතිකවාදී බලවේග බිය පල කරති.

කොටි සංවිධානයේ කැරැල්ල අවසන් වී වසර අටක් ගතව ඇතැත් තවමත් සිරගත කර තිබා ගැනීම පිළිබඳව අමාත්‍ය රාජිත සිය අප්‍රසාදය පළ කර අතර “නීතිමය කටයුතු නැත්තම් නිදහස් කරන්න ඕනෑනේ, කොහොමද අපි තියාගෙන ඉන්නෙ ත්‍රස්තවාදීන් කියලා කොච්චර කල් තියාගෙන ඉන්නද දැන් කැරැල්ල ඉවරයිනේ,” යි පැවසීය. 

Comments are closed.

Top