පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වීමට නියමිත 21වැනි පොදු රාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය බ්‍රහස්පතින්දා (12) කොළඹට පැමිණීමට නියමිතයි.

සම්ප්‍රදායක් ලෙස මෙම විශේෂ යෂ්ටිය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් වෙත රැගෙන යාම සිදුවේ.

මෙම විශේෂ යෂ්ටිය සාමාජික රටවලට පැමිණීමේදී ඒ ඒ රටවල් විවිධ උත්සව සංවිධානය කරන අතර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වීමේ උත්සවය සහ දුත පිරිස පිළිගැනීම බ්‍රහස්පතින්දා (12) සවස 4.45ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ ආරාධිතයින් පිළිගැනීමේ පිවිසුමෙහිදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් හරහා ගමන් ගන්නා මෙම විශේෂ යෂ්ටිය දින 388 ක් මුළුල්ලේ කිලෝ මීටර 2.30,000 ක් ආවරණය කෙරේ.

21වැනි පොදු රාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 වර්ෂයේ අප්‍රේල් මස 04 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වීමට නියමිතය. දින 11ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 70ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6600 ක් පමණ සහභාගිවේ. 

Related posts

Comments are closed.

Top