වධබන්ධනයට ගොදුරුවූ සංක්‍රමණිකයන් රඳවා තැබීම වැරදි බවට බ්‍රිතාන්‍ය උසාවි තීන්දුවක්

 

වද හිංසාවට ගොදුරු වූවන් සිය ගණනක් බ්‍රිතාන්‍ය සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තැබීම වැරදි බව සඳහන්  නඩු තීන්දුවක් එරට ශ්‍රේෂ්ධිකරණයක් විසින් ලබා දී තිබේ.

මධ්‍යස්ථානවලදී බරපතල ලෙස අපයෝජනයට ලක්වුණු රැඳවියන් සත් දෙනකු ගොනු කළ නඩුවක් විභාගයට ගැනීමෙන් පසුව ඔවුන් මෙම තීරණය ලබා දී ඇත.

“වැඩිහිටියන්ට අනතුරුදායක” නමින් 2016 සැප්තැම්බර් මස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය හඳුන්වා දුන් ප්‍රතිපත්ති, විදෙස් ගතව සිට වද හිංසාවට ලක් වුවන් බොහෝ දෙනෙක් නිස්කාරණේ සිරගත කිරීමට හේතු වුනු බව විනිසුරු ඕස්ලේගේ තීන්දුවේ සඳහන් ය.

මෙම ප්‍රතිපත්තිවලින් අදාළ වන්නේ නිල ආණ්ඩු විසින් සිදු කරන ලද  වද හිංසාවලට පමණි.

එහි ප්‍රතිපලයක් වී ඇත්තේ  ජාවාරම්කරුවන්, ත්‍රස්තවාදීන් හෝ රාජ්‍ය නොවන හමුදා විසින් හිංසාවට ලක්වුවන් රැඳවුම් මධ්‍යස්ථානයන්හි දීර්ඝ කාලීනව රඳවා තැබීමය. වද හිංසාවට ලක්වූ බවට ඔප්පු කෙරෙන කැළැල් සිරුරෙහි ඇති බව විශේෂඥ වෛද්‍ය පර්යේෂණයක් මගින් තහවුරු වුව ද ඔවුන් එහි රඳවා තබා තිබුණි.

“දරුණු වේදනා පිළිබඳ අත්දැකීම් ලබා ඇති පුද්ගලයන් එම ප්‍රතිපත්ති හේතුවෙන් ඉවතට විසිවීම සහ විඳවීම නිසා රැඳවුමේදී ඔවුන්ට හානියක් වීමට ඇති ඉඩකඩ වැඩි වීම මෙම පටු අර්ථ දැක්වීමේ ප්‍රධාන ගැටලුවයි,” යනුවෙන් 10 අඟහරුවාදා ලබා දුන් තීන්දුවේ කියවේ.

වද හිංසාවට ගොදුරු වූ රැඳවියන් හත් දෙනකු, සංක්‍රමණික රැඳවියන්ගේ සෞඛ්‍ය පහසුකම් දියුණු කිරීම පිළිබඳ කටයුතු කළ වෛද්‍ය අධිකරණය සමඟ ඒකාබද්ධව සිදු කළ අභියෝගයකට අනුව මෙම තීන්දුව ලැබී ඇත.

ජාවාරම්කරුවන්ට හසු වූ පුද්ගලයෙක්, තාලිබාන් සංවිධානය විසින් පැහැරගත් පුද්ගලයෙක් සහ සිය ලිංගිකත්වය නිසා වද හිංසනයට ලක් වූ දෙදෙනෙක් මෙම හත් දෙනාට ඇතුලත් වෙති.

හීත්‍රෝ අන්තර්ජාතික ගුවන් තොටුපොල අසල හාමන්ඩ්ස්වර්ත් රැඳවුම් මධ්‍යස්ථානයේ 2016 නොවැම්බර් 2 වැනිදා සිට සැප්තැම්බර් 21 වැනිදා දක්වා සිර කොට තැබූ 39 හැවිරිදි ද්විලිංගික නයිජීරියානු ජාතිකයා ඔවුන්ගෙන් එක් අයෙකි.

දේශපාලන රැකවරණය අපේක්ෂා කළ ඔහු පවසන්නේ නඩු විභාගයෙන් ජය ගත්තද මධ්‍යස්ථානයේ සිටි කාලය තුල ලැබූ හානිදායක බලපෑම් මකා දැමීමට නොහැකි වනු ඇති බවයි.

ඔහුගේ ලිංගිකත්වය නිසා පහර කෑමටත්, පිහි ඇනුමට ලක් වීමටත් සිදු වී තිබුණි.

“මට රැඳවුමේදී සිදු වූ දෙය කවදාවත් අමතක වන්නේ නැහැ. කම්පනය නිසා මට නරක සිහින පෙනෙනවා. මම පශ්චාත් කම්පන මානසික ආතතියෙන් පෙළෙනවා. නයිජීරියාවේදී ලක්වුණු වද හිංසා නිසා මෙසේ සිදු වනවා කියා සිතුවත් මෙහි රඳවා තැබූ කාලයේදී මගේ මානසික තත්වය පිරිහී ඇති බව වෛද්‍යවරු තහවුරු කළා. අපිට මිනිසුන්ට වගේ නොවෙයි කසල ගොඩකට වගේ සැලකුවේ,” යනුවෙන් ඔහු පැවසුවේය. 

Related posts

Comments are closed.

Top