Strict Standards: call_user_func_array() expects parameter 1 to be a valid callback, non-static method ColumnPost_Widget::register_widget() should not be called statically in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/class-wp-hook.php on line 286

Notice: The called constructor method for WP_Widget in ColumnPost_Widget is deprecated since version 4.3.0! Use
__construct()
instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3902

Notice: register_sidebar_widget is deprecated since version 2.8.0! Use wp_register_sidebar_widget() instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3839

Notice: register_widget_control is deprecated since version 2.8.0! Use wp_register_widget_control() instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3839

Notice: The called constructor method for WP_Widget in dw_focus_categories_Widget is deprecated since version 4.3.0! Use
__construct()
instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3902

Notice: The called constructor method for WP_Widget in dw_focus_tabs_Widget is deprecated since version 4.3.0! Use
__construct()
instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3902

Notice: The called constructor method for WP_Widget in dw_focus_accordion_Widget is deprecated since version 4.3.0! Use
__construct()
instead. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3902

Warning: Cannot modify header information - headers already sent by (output started at /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/class-wp-hook.php:286) in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-content/plugins/dw-question-answer/inc/Posts/Base.php on line 20
යුද අපරාධ විශේෂඥ නිර්දේශ බාර ගැනීමට බැඳී නැතැයි ආණ්ඩුව කියයි | Radio Gagana

යුද අපරාධ විශේෂඥ නිර්දේශ බාර ගැනීමට බැඳී නැතැයි ආණ්ඩුව කියයි

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ආරාධනයෙන් දිවයිනට පැමිණ සිටින යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂඥයා දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාවේ යෙදවීමට බැඳී නැති බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

යුද අපරාධවලට වගකිවයුතු බවට චෝදනා ලබන ආරක්ෂක හමුදා නිලධාරීන් පාවාදෙන බවට රාජපක්ෂ වාදීන් ප්‍රමුඛ සිංහල ජාතිකවාදී බලවේග මෛත්‍රී  රනිල් ආණ්ඩුවට කරන චෝදනාවලට දක්වන ප්‍රතිචාරයක් බව පෙනීයන එම ප්‍රකාශය කර ඇත්තේ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ශ්‍රී ලංකාවට පැමිණිදාය.

සත්‍යය, යුක්තිය, හානිපූරණය හා පුනරාවර්තනය වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනය කරන ලද්දේ “අදහස් සහ විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා බව” විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

විසිපස් අවුරුද්දකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ ප්‍රතිපලයක් වශයෙන් සිදුවී ඇති බරපතල උල්ලංඝනයවීම් හා අපයෝජනයන්ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති විශාල ප්‍රමාණයේ අපයෝජනයන් හා උල්ලංඝනයන් ආමන්ත්‍රණය කිරීමේදී ශ්‍රී ලංකාව ලඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම විශේෂ නියෝජිත ඩි ග්‍රීෆ් ගේ චාරිකාවේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුනි.

පීඩිතයන්ගේ බලාපොරොත්තුව

එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත් වීමෙන් යුක්තිය ඉටුවෙතැයි විශ්වාසයෙන් පසුවන දෙමළ යුද පීඩිතයන්ගේ බලාපොරොත්තු බිඳහෙලමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවසා තිබුනේ ඔහුගේ උපදෙස් පිළිපදින්නේද යන්න තීරණය කරන්නේ රජය බවයි.

“විශේෂ නියෝජිතවරුන් දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයන් බැඳී නැති මුත්, සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ඔවුන්ගේ විශේෂඥ දැනුමෙන් සහ අත්දැකීම්වලින් ප්‍රයෝජන ලැබීමට රජයන්ට හැකියාව තිබේ.” යි විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වෙයි.  “ආයතනවල ශක්‍යතා වර්ධනය, ප්‍රතිපත්ති සකස්කිරීම, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ පුහුණු අවශ්‍යතා ආදිය විෂයෙහි වාසිදායක වන ආකාරයෙන්, රජයකට අවශ්‍යයැයි හැඟෙන පරිද්දෙන්  ඔවුන්ගේ උපදෙස් සහ විශේෂඥභාවය ලබා ගැනීමට රටවල්වලට හැකිය.”

අංග සම්පූර්ණ සංක්‍රාන්ති යුක්ති සැලැස්මක් පිළියෙල කර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ රජය දෙවසරකට ඉහතදී ජගත් මානව හිමිකම් සමුළුවේදී දුන් ප්‍රතිඥාව ඉටු කිරීම සඳහා කළ යුතු උපදෙස් හා නිර්දේශ මාලාවක්ම 2015 සිය පළමු නිල සංචාරයේ ගවේෂණ ඇසුරින් පැබ්ලෝ ඩි ග්‍රීෆ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත් කළේය.

අතුරුදහන් වුවන්, ඉඩම්, හිතුමතේ දිගුකල් සිරගත කොට ගෙන සිටින්නන් සම්බන්ධ ප්‍රශ්න විසඳීම සහ ඔත්තු බැලීම් ද  විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කාන්තාවන් ඇතුළු ජනතාවට එරෙහිව සිදු කෙරෙන අඩන්තේට්ටම්ද අත් හිටුවීම කඩිනමින් ඉටුකළ කාර්ය ලෙස ඔහු එහිදී නිර්දේශ කොට තිබුනි.

එම නිර්දේශ ඇතුළුව එක්සත් ජාතීන් හමුවේ ශ්‍රී ලංකාවේ රජය දුන් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධ සිය නිරීක්ෂණ ලබන සැප්තැම්බරයේ ජගත් මානව හිමිකම් සමුළුවට වාර්තා කිරීම විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ගේ අපේක්ෂාවයි.

“ඔහුගේ නිර්දේශ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට වාසිදායකයැයි රජය සලකන නිර්දේශ තිබේ දැයි තීරණය කිරීමද, ඔහුගේ දැනුමෙන්, විශේෂඥභාවයෙන් හා උපදෙස්වලින් ප්‍රයෝජන ලබමින් තව දුරටත් යම් ආකාරයකින් ඔහුගේ උපදෙස් පතන්නේද යන්න තීරණය කිරීමද ශ්‍රී ලංකා රජයට අයත් කාරියකි,” යි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ අවධාරණය කරයි.


Notice: Theme without comments.php is deprecated since version 3.0.0 with no alternative available. Please include a comments.php template in your theme. in /home1/u1514zqq/public_html/radiogagana.com/wp-includes/functions.php on line 3970

Comments are closed.

Top