පාකිස්ථානයට එරෙහි එක්දින සහ 20-20 තරග වලට ක්‍රීඩක ආබාධ බාධා ගෙන එයි

පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ට සහ තරග 3 කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා සහභාගිවීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ක්‍රීඩකයන් සතුව ඇති ආබාධිත තත්ත්වයන් බාධාවක් වී තිබේ.

දෙරට අතර ප්‍රථම එක්දින තරගය අද (13) ආරම්භවීමට නියමිත අතර එම තරගය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහභාගී වීම සිදු නොවන බව කන්දයෙම් ආරංචි මාර්ග පවසයි. ඒ වෙනුවට කණ්ඩායමට ලහිරු ගමගේ කැඳවා තිබේ.

එසේම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකුට එක්වීමට නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද වාර්තාවේ.

ඒ අනුව එම තරඟයට එක්වීමට නොහැකි එක් ක්‍රීඩකයෙක් වන ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න මෙතෙක් පුහුණුවීම් සඳහා එක්වී නොමැති අතර එසේම ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක මැතිස්ව්ස් මීට පෙර ආබාධයකට ලක්වූ අතර භෞතචිකිත්සකවරයා විසින් සම්පුර්ණයෙන් අබාධය සුව වන තුරු ක්‍රීඩා නොකරන ලෙසට උපදෙස් ලබා දීම නිසා ඔහුද එළඹෙන විස්සයි විස්ස තරඟය සඳහා සහභාගී වීමට නොහැකි තත්වයක පසුවේ.

අසේල ගුණරත්න

මීට අමතරව කුසල් මෙන්ඩිස් විස්සයි විස්ස තරග සඳහා එක්වීම අවිනිශ්චිත තත්වයේ පසුවන අනෙක් ක්‍රීඩකයා වේ. තරග තහනමක් පැනවීම හේතුවෙන් ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක තරඟයට එක්නොවීම නිසා පුරප්පාඩු වන ආරම්භක පිතිකරුගේ ස්ථානය සඳහා කුසල් මෙන්ඩිස් කැඳවීමේ සුදානමක් තිබුණි.

කෙසේ වෙතත් පාකිස්ථානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වනු ඇති බවට තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රකාශ කළේය.

Related posts

Comments are closed.

Top