ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ කෙටිකාලීන ගුවන් යානා අවශ්‍යතා සපුරන්න එම්බ්රෙරර් සමාගම සුදානම්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කෙටි කාලින ගුවන් යානා අවශ්‍යතාවයන් සඳහා සේවාවන් සැපයීමට බ්‍රසීලයේ එම්බ්රෙරර් සමාගම බලාපොරොත්තු වන බව එහි ආසියානු කලාපීය උප සභාපති (වාණිජ ගුවන් සේවා ) සීසර් පෙරෙයිරා පවසයි.

එම්බ්රෙරර් සමාගම ආසන 130 දක්වා වූ වාණිජ ගුවන් යාන නිෂ්පාදකයෙන් ලෙස කීර්තියක් දිනා ඇති අතර එහි ආසියානු කලාපීය උප සභාපති (වාණිජ ගුවන් සේවා ) සීසර් පෙරෙයිරා සහ කලාපීය විකුණුම් අධ්‍යක්ෂ ෆෙර්නන්ඩෝ මෙයිනර්දී මේ දිනවල විමර්ශන චාරිකාවක් සහ සිවිල් ගුවන් සේවා අංශ ප්‍රධානින් සුහද ව හමුවීම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එසේම එම්බ්රෙරර් සමාගම අවස්ථාවන් සඳහා සොයා බලන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව එම සමාගමේ ආසියානු කලාපීය උප සභාපති (වාණිජ ගුවන් සේවා ) සීසර් පෙරෙයිරා ප්‍රකාශ කරයි.

එම්බ්රෙරර් සමාගමේ ආසියානු කලාපීය උප සභාපති (වාණිජ ගුවන් සේවා ) සීසර් පෙරෙයිරා

” අපි දන්නා ව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා වැදගත් ප්‍රතිවියුහගත ක්‍රියාවලියකට සුදානම් වන බව. විශේෂයෙන් වියදම් අඩුකරගනිමින්. එම්බ්රෙරර් ගුවන් යානා අනෙකුත් එයාර්බස් වැනි ගුවන් යන වලට වඩා 20% ක් පමණ මිලෙන් අඩුවනවා පමණක් නොවෙයි ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් අනෙක් ගුවන්යානා වලට වඩා 25% කින් වැඩියි. මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කලාපීය ගමනාන්ත වැඩි කිරීමේ සැලැස්ම සඳහා අප සමාගමේ ගුවන්යානා හොඳ මුල්‍ය සංකල්පයක් ” සීසර් පෙරෙයිරා පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය වසර 10 පුරාවටම භාවිතා කරනු ලැබුයේ එයාර්බස් වර්ගයේ ගුවන් යානාවේ. ඒවා අධික මිල ගණන් වන අතර පසුගිය රජය විසින් ඇනවුම් කරනු ලැබූ තවත් එයාර් බස් ගුවන්යානා කිහිපයක ඇනවුම් අවලංගු කිරීමට වර්තමාන රජය කටයුතු කළේය.

මෙම ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් දේශීය පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ බ්‍රසීල කොන්සල් බ්රුනෝ පෙරෙයිරා ප්‍රකාශ කරා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රවනතාවයන් ඔස්සේ බ්‍රසීල සමාගම් ආයෝජන අවස්ථාවන් සඳහා වැඩි උනන්දුවක් දක්වන බවයි.

1969 බ්‍රසීලයේ සාඕ පැව්ලෝ නගරය මුලිකත්වය ගෙන ආරම්භවූ සහ නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන එම්බ්රෙරර් සමාගම මේ වන විට යානා 8000 ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර සෑම තත්පර 10ක් කට වරක් ලෝකයේ කොතැනක හෝ සමාගමේ ගුවන් යානයක් ගුවන් ගත වන අතර වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 145ක් සිය ගමනාන්ත කරා රැගෙන යයි. මේ වන විට රටවල් 90 ක සිය සමාගමේ නිෂ්පාදිත ගුවන්යානා මෙහෙයම් වල එක්ව සිටින අතර පැසිෆික් ආසියානු කලාපයේ රටවල් 17ක් ඒ අතරවේ. එම කලාපයේ පෙහෙයුම් වලට එක්ව ඇති ගුවන් යානා ප්‍රමාණය 330කි. 

Related posts

Comments are closed.

Top