බැඳුම්කර කොමිසමට කරුණු දක්වන්න ඕනෑම අවස්ථාවක සුදානම් -අගමැති

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක තොරතුරු ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටියි.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට හෙයින්, රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිලිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව ද, ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරනු ලැබූ නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට කැඳවිය යුතු බව විවිධ දේශපාලන පක්ෂ සඳහන් කර තිබුණි. ඒ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් පිළිබඳව අගමැතිවරයාගෙන් විමසිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟයි. 

Related posts

Comments are closed.

Top