“මහනායක හිමිවරුන් විරුද්ධවුනත් නව ව්‍යවස්ථාව ගේනවා” සුමන්දිරන්

බෞද්ධ මහනායකවරුන් කවර විරෝධයක් දැක්වුවත් අලුතින් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුත්ත නතර  නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විශ්වාසය පල කරයි.

මහනායක හිමිවරුන් ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් දුන් තීන්දු හැමවිටම ක්‍රියාත්මක නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ යාපනය වඩමාරච්චියේ තමිල් අරසු කච්චි කාර්යාලයේ පැවති ජන හමුවක් අවසානයේදීයි.

සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් තදින් පෙනීසිටි හිටපු අධිකරණ අමාත්‍යවරයකු ඉවත් කිරීමට එරෙහිව මහනායක හිමිවරුන් අතීතයේ කළ බලපෑම් වලින් පලක් නොවූ බවද සුමන්දිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ අයින් කරන්න හදපු වෙලාවේ සියලු මහනායක හිමිවරු එකතු වෙලා එයාව අයින් කරන්න එපා කියලා ප්‍රකාශයක් නිකුත් කළා,” යි නව ව්‍යවස්ථා විරෝධය සම්බන්ධයෙන් ඇතැම්  නාහිමිවරුන්ගෙන් මතුවන විරෝධය සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදීන්ට ඔහු සිහිපත් කර දුන්නේය. “ඒත් මොකද වුනේ? ඒක තමයි උත්තරේ.”

Related posts

Comments are closed.

Top