රූප සෝබාව හැඩ ගැන්වීමට ආණ්ඩුව අත ගසයි

 

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ශිල්පයට අතහිත දීමේ වැඩපිළිවෙලක්  රජය විසින් දියත් කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරි සිටින රුපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා “SED Salon” නමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව අගමැති කාර්යාලය විසින් 27 සිකුරාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

 

 

 

වැඩසටහන සඳහා මේ වනවිටත් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අයදුම්පත්‍ර 4328 ලැබී ඇත.

එසේම රුපලවන්‍යාගාරවල සම්මත ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒකාබද්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පසුගිය ජුලි මස ආරම්භ කර තිබේ.

රුපලාවන්‍ය ක්ෂේත්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමත්, කුසලතා පුර්ණ ශිල්පින් ශිල්පිනියන් සඳහා “SED Saloon” ව්‍යාපෘතිය මඟින් ප්‍රථම වතාවට සම්මාන ලබා දීමත් එළැඹෙන නොවැම්බර් මසදී සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර විස්තර සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ලබා ගත හැකි බව නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

Comments are closed.

Top