ට්‍රෝජන් කාන්තාවෝ මාතර යයි

වසරේ හොදම නාට්‍යය, වසරේ හොදම අධ්‍යක්ෂණය ඇතුඵ රාජ්‍ය සම්මාන දහයක් හිමිකරගත් ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍ය මාතර දී වේදිකාගත වීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ නව දිල්ලි නුවර භාරත් රංග් මහොත්සව් අන්තර්ජාතික නාට්‍ය උළෙලෙ 2014 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ට්‍රෝජන් කාන්තාවෝ ශ්‍රීක නාට්‍ය රචක යුරිපීඩ්ස් ගේ රචනයකි.

ආරියවංශ රණවීරගේ පරිවර්තනය නාට්‍යයක් ලෙස අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය රංගවේදී ධර්මසිරි බණ්ඩාරනායක විසිනි.

එහි සංගීතය රූකාන්ත ගුණතිලකගෙනි.

2017 නොවැම්බර් මස 7 දින සවස 2.30 සහ 6.45 ට මාතර විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී ට්‍රෝජන් කාන්තාවෝ වේදිකාගත කෙරේ. 

Comments are closed.

Top