සමන් අතාවුදහෙට්ටි ගෙන් අලුත් පොත් දෙකක්

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි විසින් රචිත කෘති ද්විත්වයක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනගත කර තිබේ.

“සොඳුරු සැරිසර – සක්වල පියස දිගේ” සහ “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 31 දින ජනගත කර ඇත්තේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් කමිටු ශාලාවේ දී ය

එම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ රෝසි සේනානායක ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. 

Related posts

Comments are closed.

Top