ශ්‍රී ලංකාව වෙත නගන චෝදනා පදනම් විරහිතයි -මාලදිවයින් හිටපු ජනාධිපති මහුමුන් අබ්දුල් ගයුම්

වර්තමාන මාලදිවයින් රජය පෙරලා දැමීම සඳහා ශ්‍රී ලංකා රජය සහයෝගය දක්වන බවට මාලදිවයින් මන්ත්‍රීවරයෙක් විසින් කරනු ලැබූ ප්‍රකාශය සාවද්‍ය සහ පදනම් විරහිත බව මාලදිවයිනේ පාලක පක්ෂයෙන් නෙරපනු ලැබූ සහ එහි හිටපු ජනාධිපතිවරයෙක් වූ මහුමුන් අබ්දුල් ගයුම් පවසයි.

එරට පාලක පක්ෂය වන පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ උපනායකයා ලෙසද කටයුතු කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් රෂීඩ් මාධ්‍ය හමුවකදී වර්තමානයේ මාල දිවයිනේ පවතින රජය පෙරලා දැමීමේ එරට විපක්ෂය ගනු ලබන ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා රජය සහය දක්වන බව ප්‍රකාශ කරනු ලැබීය.

වසර දශක තුනකට අධික කාලයක් මලදිවය්නේ පාලකයාව සිටි මහුමුන් අබ්දුල් ගයුම් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය සම විටම මාලදිවයිනේ විශ්වාසවන්ත මිතුරෙක් වූ බවයි.

” රටවල් දෙක අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්ට බාධා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ” හෙතෙම අවධාරණය කරයි.

කෙසේවෙතත් ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් සිර ගත කරනු ලැබ සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් වෙත සිය පාර්ශිකයන් හමුවීමට ශ්‍රී ලංකාව මෑතකදී ඉඩ ලබාදීමෙන් අනතුරුව දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් හි පලුදු ඇතිවිය. 

Comments are closed.

Top