සංගා -මැතිව්ස් පාකිස්ථානයට

පාකිස්තන සුපිරි ලීග් විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් සහ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාර සහ වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් තෝරාගෙන තිබේ.

තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ඊයේ (12දා) පැවැති වෙන්දෙසියේදී මෙම තෝරාගැනීම සිදුකර ඇත.

ඒ අනුව කුමාර් සංගක්කාර මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමටත් ඇන්ජලෝ මැතිව්ස් ලාහෝර් කොලන්ඩර්ස් කණ්ඩායමටත් තෝරාගෙන තිබේ.

මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම ට ෂොයිබ් මලික් , කිරාන් පොලාර්ඩ් ද එක්වනු ඇත.

තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 4 ආරම්භවීමට නියමිතයි.

Related posts

Comments are closed.

Top