තරුණ මාධ්‍යවේදීන් ව්‍යවස්ථා සංවාදයක

 

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දේශපාලන පක්ෂ“ මැයෙන් සංවාදයක් පැවැත්වීමට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ඉන්ටර් නිව්ස් ආයතනය එක්ව කටයුතු සංවිධානය කර තිබේ.

එය නොවැම්බර් මස 15 බදාදා පස්වරු 1.30 ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ජාතික හෙළ උරුමයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයකු ද දේශපාලන පක්ෂ වෙනුවෙන් එහිදී අදහස් දැක්වීමට නියමිතව ඇත.

දෙසුම් අවසානයේ විවෘත සංවාදයක් ද පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. 

Related posts

Comments are closed.

Top