ව්‍යවසායක ශ‍්‍රි ලංකා සංකල්පය ප‍්‍රශංසනීය වැඩපිළිවලක් -ශ‍්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති

රටතුළ ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම සඳහා මෙවර අයවැය යෝජනා සාධනීය පියවරක් බව ශ‍්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර පවසයි.

අයවැය යෝජනා මගින් රජය හදුන්වාදී ඇති ව්‍යවසායක ශ‍්‍රි ලංකා සංකල්පය ප‍්‍රශංසනීය වැඩපිළිවලක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සඳුදා (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

“ව්‍යවසායක ශ‍්‍රි ලංකා ණය යෝජනා ක‍්‍රමය සහ කෘෂි ක්ෂේත‍්‍රය සංවර්ධනය මෙන්ම කාන්තා සහ තරුණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට රජය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මූල්‍ය අවශ්‍යතා සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත් රජය යෝජනා කර තිබෙනවා.

මෙම සියළු කාරණාවලට අමතරව මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ලබාගැනීමේ ධාරිතාව පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථාපිත කිරීමටත් යෝජනා කර තිබෙනවා. ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ගෙන ඇති හොඳ යෝජනා හැටියට මේවා හදුන්වාදිය හැකියි.” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නීල ආර්ථිකය වැඩසටහන යටතේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සදහා වූ යෝජනා ඉදිරිපත් කිරීම ධීවර ක්ෂේත‍්‍රයට අමතරව වෙනත් ක්ෂේත‍්‍ර සදහාත් යෝජනා හදුන්වා දීම ශ‍්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාගේ පැසසුමට ලක්විය. 

Comments are closed.

Top