බියර් සහ වයින් මිල අඩුකිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එරෙහි වෙති

මෙවර අයවැය යෝජනා වලදී බියර් සහ වයින් වල මිල ගණන් අඩුකිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර යෝජනා කිරීම ආණ්ඩු පක්ෂයේ විවේචනයට ලක්වී තිබේ.

මුදල් ඇමැතිවරයා බියර් සඳහා ලබාදී තිබෙන සහනයට සෞඛ්‍ය ඇමැතිවරයා වන තමන් එකඟ නොවන බවද එම යෝජනාව ඉවත්කර ගන්නා ලෙස මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයෙ (13 දා) ප්‍රකාශ කළේය.

ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස්‌ ඇතැයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැරදි දත්ත පදනම් කරගෙන බවත් බියර් මිල අඩුකිරීමෙන් පාසල් ළමයින්ද ඊට යොමුවිය හැකි බව බවත්ය.

එසේම අමාත්‍ය පාටලී චම්පක රණවක ද මීට පෙර අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමින් බියර් මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් අලෙවිය අඩුවෙන බවට ගෙන හැර පාන තර්ක පිළිගත නොහැකි බව ප්‍රකාශ කළේය.

අරක්කු ඉහලට බියර් පහලට

මේ අතර මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි.

මෙයට අමතරව බීර බෝතලයක මිල රුපියල් 80කින් පමණ අඩුකර ඇතැයි බීර සමාගම් පවසයි. 

Related posts

Comments are closed.

Top