හිදැස: එජා වාරික සමාලෝචනය, පළාත් පාලන ඡන්දය හා  ශ්‍රීලනිප-TNA ඇතුලේ ගැටුම්

මෙම සතියේ භාෂා දෙකේම පුවත්පත් තුළ වඩාත් පුළුල්ව වාර්තා වුණු ප්‍රවෘත්ති වූයේ ව්‍යවස්ථා සංශෝධන සහ ලඟ එන පළාත් සභා මැතිවරණයි. මීලඟ අවුරුද්ද සඳහා රජයේ අය වැය සිංහල පුවත්පත් තුළ තවමත් ප්‍රධාන පුවතක්ව තිබුණද, ඒ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වූ ආවරණයේ ප්‍රමාණය පසුගිය සතියෙන් පසු ශීඝ්‍ර ලෙසින් පහත වැටී තිබිණි. මීට සමාන ලෙසින්ම පසුගිය සතියේ වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද දමිළ පුවත්පත් තුළ වාර්තා දක්නට නොලැබුණු තරම් ය.

මෙම සතියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයට ශ්‍රී ලංකාව මුහුණ දෙනු ඇත. මෙය පසුගිය වසර කිහිපය පුරාවටම සැලකිය යුතු තරමින් දේශීය පුවත්පත් අවධානය ඉහළ නැංවූ සිදුවීමක් බවද කිව යුතුවේ. කෙසේ වුවත් මෙම වතාවේ මෙය සිංහල පුවත්පත් තුළ ලබාගෙන තිබුණේ ඉතා අඩු අවධානයකි. මීට ප්‍රතිවිරුද්ධ ලෙසකින් දමිළ පුවත්පත් මේ සම්බන්ධයෙන් වඩාත් විශාල ප්‍රමාණයකින් ප්‍රවෘත්ති බුලටීන නිකුත් කිරීමට කටයුතු කර තිබිණි. එසේ වුවත් දමිළ පුවත්පත් තුළ වූ විස්තර විවරණ විශාල වශයෙන් සෘණාත්මක වූ බවද දක්නට ලැබිණි. තිනකුරල් ලිපියකින් දක්වා තිබුණේ මෙහිදී සාමාජික රටවල් ‘සරලවම උනන්දු වී තිබුණේ වත්මන් රජයට ගුණ වර්ණනාවන් ලබාදීමට පමණක්’ බවයි. වීරකේසරී මත දැක්වීමේ ලිපියකින් මෙම සමාලෝචන සැසියක් අතරතුරදී වදබන්ධන වෙත ලබාදී තිබුණු විසමානුපාතික විශාල අවධානය විවේචනයට ලක් කොට තිබූ අතර, එයින් නිරීක්ෂණය කොට තිබුණේ මෙය ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගී ඇති වඩාත් බරපතල යුද අපරාධ චෝදනාවන් සැඟවීමේ අරමුණ ඉ‍ටු කරන ලද බවයි.

ශ්‍රීලනිපය සහ දෙමළ ජාතික සන්ධානය අතර සමානකම්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ වෙත ද්විභාෂා පුවත්පත් ලබාදී තිබූ අවධානය මෙම සතියේ වඩාත් තීව්‍ර වී තිබිණි. මෙම මැතිවරණයේදී තමන්ට ජයග්‍රහණය සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් සියලුම ප්‍රධාන පක්ෂ හොඳ ආත්ම විශ්වාසයක් පෙන්නා සිටියද, තිනකුරල් ලිපියකින් නිරීක්ෂණය කළ පරිදි මෙම පළාත් සභා මැතිවරණ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඉලංගෛ තමිල් අරසු කච්චි වෙත ප්‍රධාන තර්ජනයක් එල්ල වනු ඇත.

මෙම පක්ෂ දෙකම මුහුණ දී සිටිනා අසීරු තත්වය එක්තරා අන්දමකින් එකිනෙකාට සමාන වේ. මූලිකවම, පක්ෂ දෙකම අභ්‍යන්තර බල අරගල හා සටන් කරමින් සිටී. දෙමළ ජාතික සන්ධානය සැදි පක්ෂ හතරින් එකක් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ මගින් ප්‍රකාශයට පත් කොට සිටියේ, ඔවුන් දෙමළ ජාතික සන්ධානය සැදුම්ලත් විශාලතම පක්ෂය වන ඉලංගෛ තමිල් අරසු කච්චි සමගින් (හෝ ෆෙඩරල් පක්ෂය සමගින්) මෙම මැතිවරණයට තරග නොකරන බවටයි. එසේම මෑතකදී ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ විසින් සන්ධානගත වන්නට යෙදුණේ, 2010 මහ මැතිවරණයට පෙරාතුව දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී වෙන්ව ගිය ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සමගිනි. මෙයට සමාන ලෙසින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නිවේදනය කොට සිටියේ මෙම මැතිවරණයට ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව තරග කරන බවයි.

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දක්නට ලැබුණු අනෙක් සමානකම වූයේ ව්‍යවස්ථා සංශෝධන ජනමත විචාරණය පැවැත්වීමට දින නියම කරගැනීම සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයයි. තමන්ගේ සාපේක්ෂව ශක්තිමත් ආස්ථානය නොසලකා හැර වුවද, ජනපති සිරිසේන මෙන්, සම්බන්ධන්ගේ වැඩි කැමැත්ත ඇත්තේ තවත් මැතිවරණයකට මුහුණ දීමට පෙර නව ව්‍යවස්ථාව සම්බන්ධ ජනමත විචාරණය පැවැත්වීම සඳහායි. ඒ හේතු කීපයක් යටතේයි. (අ) මැතිවරණයකදී නැවත සමූහගත එක්සත් පෙරමුණක් ලෙසින් ඉදිරිපත් වීම සඳහා දෙමළ ජාතික සන්ධානයට අවස්ථාවක් ලබාදීමට ජනමත විචාරණය සමත් වනු ඇති අතර, අනෙක් අතට එසේ නොමැති වුවහොත් දෙමළ ජාතික සන්ධානය සැදි පක්ෂ එකිනෙකාට විරුද්ධව ක්‍රියා කරනු ඇත. (ආ) ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම මගින් සැබවින්ම නව විපක්ෂය නිශ්ක්‍රිය වනු ඇති අතර, එසේ නොමැති නම් පළාත් පාලන මැතිවරණයකදී නව විපක්ෂය ආසන ගණනාවක් දිනාගනිමින් ප්‍රමුඛ සාර්ථකත්වයක් වාර්තා කරනු ඇත. (ඇ) ජනමත විචාරණයකට පසුව එන මැතිවරණයකදී අපේක්ෂකයන් තේරීම සහ පක්ෂ නාම ලැයිස්තුව පිළියෙල කිරීම වැනි කරුණු වලදී, දෙමළ ජාතික සන්ධානය සැදි අනෙකුත් සුළුතර පක්ෂ වල කේවෙල් කිරීමේ බලය විශාල වශයෙන් මැඩ පැවැත්වීමටත්, ඉලංගෛ තමිල් අරසු කච්චි බලය තවදුරටත් තහවුරු කිරීමටත් සාර්ථකව පවත්වන ජනමත විචරණයක් මගින් පාර කැපෙනු ඇත.

විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හට, වේලාසනින් පවත්වන පළාත් පාලන මැතිවරණයකදී සිය පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් තැවුල් සිත් ඇතිකරගැනීමට හේතු දෙකක් ඇත.

කාටූනය: වීරකේසරී: “එකම පක්ෂය”

ඡන්දය හා විග්නේස්වරන්

පළමුව, වීරකේසරී පුවත්පතේ ප්‍රකට දේශපාලන තීරු ලිපි කරුවෙකු විසින් නිරීක්ෂණය කළ ආකාරයට, මෙම ඉදිරියේදී එන පළාත් සභා මැතිවරණය සැබවින්ම ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ අතර නව සන්ධානය සඳහා ලිට්මස් පරීක්ෂාවකි. ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ යනු දෙමළ ජාතික සන්ධානය තුළ ඇති දෙවැනියට විශාල පක්ෂය හෝ නොවනා අතර, එහි නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හට 2015 මහ මැතිවරණයේදී ඔහුගේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු ආසනය පවා අහිමි වුණි. එසේම ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට තමන් තරග කළ මහ මැතිවරණ දෙකේදීම එකදු ආසනයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වුණි. 2015 දී මෙම පක්ෂය යාපනය දිස්ත්‍රික්කය තුළ සියයට පහක් වැනි ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් වුවද, යාපනයෙන් පිටදී ඔවුන්ගේ තත්වය වඩාත් අයහපත් විණි. මෙම තත්වයට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙසින් 2011 පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාතේ ආසන වලින් සියයට හැටපහක් දිනාගැනීමට සමර්ථ වූ අතර, එතැනින් පසුව වූ මැතිවරණයන්හිදී තත්වය තවත් වැඩිවර්ධනය කර ගැනීමට සමත්ව තිබිණි. එම නිසා වැඩි බලය හිමි පක්ෂයට නිසගයෙන් ලැබෙනා වාසිදායක තත්වයද සමගින්, ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ යන පක්ෂ වල අනාගතය දියුණු වනු ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ආසන ප්‍රතිශතය අඩු වන ආකාරයට පමණි.

දෙවෙනුව, ඒකාබද්ධ විපක්ෂය උත්පත්තිය ලබන්නේ මහින්ද රාජපක්ෂට ලැබෙනා ජනප්‍රිය සහායත් සමගින් වන අතර, ඒ ආකාරයට ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ යන පක්ෂයන්ටද උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් වෙතින් සහාය ලබාගැනීමට උත්සාහ කළ හැක. කෙසේ වුවත් මෙය නිශ්චිත නැත. මූලික ප්‍රවෘත්ති වාර්තාවන්ගෙන් ඇඟවී තිබුණේ, පොන්නම්බලම් සහ ප්‍රේමචන්ද්‍රන් විසින් මැතිවරණ සඳහා දෙමළ ජනතා සභාවෙන් තරග කරනු ඇති බවටයි. කෙසේ වුවත් දෙමළ ජනතා සභාව ආරම්භ කරනු ලැබුවේ පක්ෂග්‍රාහී නොවන ජනතාවගේ ව්‍යාපාරයක් ලෙසින් වූ අතර, එහි සමාරම්භක ‍රැස්වීමේදී විග්නේෂ්වරන් විසින් පැහැදිලිව කියා සිටින්නට යෙදුණේ මෙම සභාව කිසිදු දේශපාලනික අභිප්‍රායකින් හෝ අරමුණකින් තොර වන බවටයි. වර්තමානයේදීද විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික සභාවේ අනෙක් සම කැඳවුම්කරු යන දෙදෙනාම දෙමළ ජාතික සභාව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමේ පියවර ප්‍රතික්ෂේප කර ඇති අතර, පෙනෙනා ලෙසට ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ අතර මෙම නව සන්ධානයට සම්පූර්ණ සහාය දීමටද කැමැත්තක් නොදක්වන සෙයකි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top