ට්‍රම්ප් ගේ ජෙරුසලම් ප්‍රකාශයෙන් පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම් ඇවිලේ | VIDEO

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැයි ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට එරෙහිව දෙවැනි දිනටත් උද්ඝෝෂණයේ නිරත පලස්තීනුවන් සමඟ බටහිර ඉවුරේ සමහර ප්‍රදේශ වල පාලනය ගෙන යන ඊශ්‍රායල් හමුදා දරුණු ගැටුම් ඇති කරගෙන තිබේ.

බෙත්ලෙහෙමේ වෙසෙන විරෝධතාකරුවන් 8 සිකුරාදා හමුදා වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර ආරක්ෂක අංශ ඔවුන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

ගැටුම් හටගැනීම නිසා බටහිර ඉවුරටනැගෙනහිර ජෙරුසලමේ එක් ප්‍රදේශයකට සහ ගාසා-ඊශ්‍රායල් දේශ සීමාවට අමතර භට කණ්ඩායම් යෙදවීමට ද සිදුව තිබේ.

පලස්තීනුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන වෛද්‍ය ආරංචි මාර්ග පවසයි.

 

 

ජනපති ට්‍රම්ප් විසින් 7 බ්‍රහස්පතින්දා සිදු කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් පලස්තීන නායකයන් විසින් උද්ඝෝෂණ කැඳවා තිබීම නිසා බටහිර ඉවුරේ සහ ජෙරුසලමේ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය මේ වනවිට ක්‍රමයෙන් ඉහල ගොස් තිබේ.

ඔහුගේ මත පල කිරීම ඊශ්‍රායලයේ පැසසුමට ලක් වුවත් ලොව පුරා අනෙකුත් ආරාබියතුර්කිය ඇතුළු ඉස්ලාමිය රටවල් විසින් හෙලා දැක ඇති අතර ප්‍රංශයබ්‍රිතාන්‍යය, ජර්මනිය හා යුරෝපා සංගමයත්එක්සත් ජාතීන්ගේ මහලේකම් සහ පාප් වහන්සේත් දැඩි කනස්සල්ල පළකර ඇත.

පැතිර යන උද්ඝෝෂණ රැල්ල නිසා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික කාර්යමණ්ඩලය ඇතුළු ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි බැවින් ඔවුන් දැඩි ආරක්ෂක රැකවල් යටතේ තබන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

 

සමස්ත ජෙරුසලම සිය නොබෙදිය හැකි අගනුවර ලෙස ඊශ්‍රායලය සෑම විටම සැලකු අතර පලස්තීනුවන් සිය අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර ලෙසින් සලකනු ලැබුවේ -1967 පැවති යුද්ධයෙන් ඊශ්‍රායලය අල්ලාගත් නැගෙනහිර ජෙරුසලමයි. 

ඊශ්‍රායෙලය සහ පලස්තීනය අතර 1993 සාම ගිවිසුම් අනුව එහි හිමිකාරිත්වය තීරණය කෙරෙනු ඇත්තේ පසුව කෙරෙන සාම සාකච්ඡා වලිනි.

මැද පෙරදිග 1967 යුද්ධයට කලින් ජෙරුසලම යටත් කරගෙන සිටියේ ජෝර්දානයයි.

ජෙරුසලම තමන්ගේ ශුද්ධ  භූමියක් කොට යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් තුනම විසින් සලකනු ලැබේ. 

Related posts

Comments are closed.

Top