සෞදියට පනවා තිබු සිනමා තහංචිය ඉවතට

 

දශක තුනකට අධික කාල සීමාවක් පුරා වාණිජ සිනමාපට සඳහා පනවා තිබු තහංචිය ඉවත් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ.

චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා කඩිනමින් බලපත්‍ර නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වන බව එරට සංස්කෘතික හා තොරතුරු අමාත්‍යංශය 11 සඳුදා නිවේදනය කර ඇත.

ඒ අනුව පළමු සිනමාපටය එළැඹෙන වසරේ මාර්තු මස දී තිරගත කිරීමට නියමිතය.

ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ “දැක්ම 2030” සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

1970 ගණන් වල සෞදියේ සිනමා ශාලා තිබුන ද ඒවා වසා දැමීම සඳහා බලධාරීන් නම්මා ගැනීමට ආගමික පුජකවරු කටයුතු කළහ.

සිනමාව ‘පවිටු’ බවට  පිළිබඳව පසුගිය ජනවාරි මසදී අනතුරු ඇඟවූ ප්‍රධාන මහමදික ධර්මාචාර්ය ෂෙයික් අබ්දුල් අසිස් අල් අල්-ෂෙයික් පවසා තිබුනේ අවසර ලැබුනොත් එය සදාචාරය පවා නැති කර දමනු ඇති බවයි.

Related posts

Comments are closed.

Top