අටදාහකට වඩා තෝරාගන්නා පුංචි ඡන්දය පෙබරවාරි 10

 

අලුත් ඡන්ද  ක්‍රමය යටතේ පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේ පෙබරවාරි 10 පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ මස 28 දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද කොළඹදී මාධ්‍යවේදීන් කැඳවා දැනුම් දුන්නේය.

ජාති, ආගම් හා ප්‍රාදේශීය බේද සහ අවුලුවන වෛරක්කාර ප්‍රකාශන සහ කාන්තා විරෝධී ප්‍රචණ්ඩතා වලට එරෙහිව “දැඩි පියවර” ගන්නා බවට සභාපති වරයා අනතුරු ඇඟවීමක් ද කළේය.

අපේක්ෂක සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවක් කාන්තාවන් වීම අනිවාර්ය කරන නීති යටතේ 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වේ.

මුල්ම වතාවට කේවල ක්‍රමය හා සමානුපාතික නියෝජනය මිශ්‍ර වූ මෙම මැතිවරණයේ පළාත් පාලන ආයතන 341කට සභිකයන් 8356ක් වෙනුවෙන් ඡන්ද විමසීමට නියමිතය.

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 14 දා අවසන් වූ අතර ඉතිරි  ආයතන 248 ට  නාමයෝජනා බාරගැනීම අදින් පටන්ගෙන ජනවාරි 21 අවසන් වෙයි.

මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් 60%ක් ඡන්ද කොට්ටාශ පදනමින්ද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයටද තෝරා පත් කර ගැනීමේ අලුත් ඡන්ද ක්‍රමය ආරම්භ වන්නේ මේ මැතිවරණයෙනි.

 

Related posts

Comments are closed.

Top