ශ්‍රී ලංකාව “ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්”

“2018 Virtuose Luxe” නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇති බව රජය පවසයි.

පසුගිය කාලයේ Family Traveler Awards උළෙල හා පසුගිය දා ලන්ඩන්හි  පැවැති Travel Bulletin Star Awards උළෙලේ දී ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.

එමෙන් ම ශ්‍රී ලංකාව සංචරණය සඳහා උචිත ආරක්ෂාකාරී රටක් ලෙස දැනට ක්‍රියාත්මක සාම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමෙන් නිවාඩු ගතකිරීමට හිතකර වටපිටාව පිළිබඳ සහතික දිනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

National Geographic Channel, Lonely Planet හා අනෙකුත් නාලිකා ගණනාවකත්, සමාජ මාධ්‍ය වේදිකාවලත් ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු විකාශය වී ඇත.

“Eurasia Review” යනු දකුණු ආසියාව, යුරෝපය,ලතින් ඇමරිකාව, රුසියාව හා උතුරු අප්‍රිකාව වැනි විශාල ප්‍රදේශයක පැතිරුණු ප්‍රවෘත්ති හා විශ්ලේෂණාත්මක සඟරාවකි.

එය ලොව පුරා ප්‍රවෘත්ති ව්‍යාපාර, සමාජ පාරිසරික හා විනෝදාත්මක කරුණු ආවරණය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top