සාමණේර නමක් උසස් පෙළ කලාවේ ඉහලටම

මේ වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ බෞද්ධ සාමණේර හිමි නමක් විසිනි.

රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින් උසස් පෙළ කලා අංශයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර එහි විශේෂත්වය වන්නේ  හිමිනමක් විසින් උසස් පෙළ කළා අංශයේ පළමු  ස්ථානය ලබාගත් පළමු අවස්ථාව මෙය  වීමයි.

භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් විසින් හිමිකරගෙන තිබේ.‍

ශ්‍රී ධරන් ද්වාකරන්

පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාඛ්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින්  හිමිකරගෙන තිබෙන අතර වාණිජ අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රසන්තිකා ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇත.

ජෛව තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම  විසින් දිනාගෙන ඇති අතර ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විසින් දිනාගෙන තිබේ.

ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇති අතර ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන් දෙවැනි ස්ථානය හිමිකරගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ හසිත ගීත් ගුණසිංහ සිසුවා සමත්ව සිටී.

අපොස උසස් පෙළ 2017 විභාගයේ  නිකුත් කළ ප්‍රතිඵල මත එක් එක් විෂය ධාරාව අනුව දිවයිනෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

ජෛවීය විද්‍යා විෂය ධාරාව

1   දිලිනි සඳුනිකා පලිහක්කාර –  මාර / සුජාතා විද්‍යාලය, මාතර
2   ගුණසිංහ ආරච්චිගේ හසිත ගීත් ගුණසිංහ –  හලා / ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලය, වෙන්නප්පුව
3   කොඩිතුවක්කුගේ ඉෂාන් ශාලුක රාමනායක –  කො / ආනන්ද විද්‍යාලය, මරදාන

භෞතික විද්‍යා විෂය ධාරාව

1   ශ්‍රීධරන් දුවාරකන් –  යා / හාර්ඩ්ලි විද්‍යාලය, පේදුරුතුඩුව
2   පතිරාජ මුදියන්සේලාගේ පමුදිත හිමාන් සෝමරත්න  –  ගම් / ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
3   රේමන්ඩ් ඩේසියස් ජෙයරාජන් පෝල් ජාන්සන් –   යා / සාන්ත පැක්ට්‍රික් විද්‍යාලය, යාපනය

වාණිජ විෂය ධාරාව

1  සුභසිංහ ආරච්චිලාගේ දුලානි  – රසන්තිකා මාර / සුජාතා විද්‍යාලය, මාතර
2   ප්‍රන්ගිගේ කෞෂල්‍යා සුභාෂිනි දාබරේ –  කො/ මියුසියස් විද්‍යාලය, කොළඹ 07
3  ෆාතිමා අකීලා ඉස්වර් –  කො / සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, කොළඹ 05

කලා විෂය ධාරාව

1 පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි  – ර / සද්ධර්මාලංකාර පිරිවෙන, රත්නපුර
2 සහෙලි ආචනා වික්‍රමනායක –   කො / සී.එම්.එස්.බාලිකා විද්‍යාලය, කොළඹ 07
3 ගල්වටේ ගෙදර දිල්කි සඳුපමා  – ර / ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව

1 පාරමි ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි –  මාර / මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර
2 මොරකන්ද ගමගේ ප්‍රගති ඉෂාන් මධුශන්ක –    මාර / නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කඹුරුපිටිය
3 වන්නි අධිපත්තු මුදියන්සේලාගේ පසිඳු ලක්ෂාන් අධිපත්තු –  කුලි / මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව

1 මැදලගම කන්කානම්ලාගේ ලක්ෂිත චතුරංග මැදලගම –   ර / සීවලි මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර
2 වර්ණකුලසූරිය පටබැදිගේ රමේෂා ශ්‍රීමාලි –   හම් / දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය, තිස්සමහාරාමය
3 කමලේෂ්වරි සෙන්දිල්නාදන් –   යා / වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය, යාපනය

පොදු / වෙනත් විෂය ධාරාව

1 ජයමංගලගේ හිරුණි ශාක්‍යා අබේතුංග –   කො / දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
2 ශවීන් භාෂිත තිලකරත්න –  කො / රාජකීය විද්‍යාලය, කොළඹ 07
3 දියොල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් –    මිනු / ද මැසනඩ් විද්‍යාලය, කඳාන

 

Related posts

Comments are closed.

Top