ඇෆ්ගනිස්ථානයට එල්ල වුනු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40කගේ දිවි අහිමි වෙයි

 

ඇෆ්ගනිස්ථාන කාබුල් අගනුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ෂියා සංස්කෘතික සහ ආගමික සංවිධානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

30 දෙනකු පමණ තුවාල ලබා ඇත.

ප්‍රහාරයේ ඉලක්කය තාලිබාන් සංස්කෘතික මධ්‍යස්ථානය බවත් ඇෆ්ගනිස්ථාන සෝවියට් ආක්‍රමණයට 38 වසරක් පිරිම නිමිත්තන් සංවිධානය කරන ලද උත්සයව පැවැත්වෙන අවස්ථාවේ 28 බ්‍රහස්පතින්දා මෙම පිපිරීම සිදුව ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රකාශක නස්රත් රහිමි ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

එසේම මියගිය පිරිස තවදුරටත් ඉහල යා හැකි බවත් ඔහු සඳහන් කර ඇත.

ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද යන්න මෙතෙක් වාර්තා වී නැත.

රට පුරා පිහිටි ෂියා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ISIS කැරලිකරුවන් පසුගිය මාස කිහිපය තුලදී ප්‍රහාර මෙහෙයවා තිබුණි.

කෙසේ වෙතත් තමන් මේ සඳහා මැදිහත් වී නැති බව තාලිබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

ෂියා සුළුතරයට අයත් පල්ලියකට පසුගිය ඔක්තෝබරයේදී එල්ල වුනු ප්‍රහාරයක් නිසා අවම වශයෙන් 39 දෙනෙක් මිය ගියහ.

 

Related posts

Comments are closed.

Top