හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමග වැඩ අල්ලයි | VIDEO

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ, බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනා සමඟ ප්‍රථම වරට පුහුණු සැසියකට සහභාගී වී තිබේ.

ඒ 28 බ්‍රහස්පතින්දා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දිය.

ජනවාරි මුලදී බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සැසිය අරඹා ඇත.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු චන්දික හතුරුසිංහ දෙසැම්බර් 20 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

මින් පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ ඔහු එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරු ලෙස සලකන ලදී.

2019 ලෝක කුසලානය තෙක් ධුරයේ සිටීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ගිවිසුම්ගතව සිටි චන්දික හතුරුසිංහ පසුගිය ඔක්තෝබර් මසදී එම තනතුරින් ඉල්ලා අස් විය.

 

Related posts

Comments are closed.

Top